Ekamath Eka Dawasaka | Thiwanka Dilshan & Shanika Madumali [www.hirutv.lk]

5,981,068
0
Published 2019-07-22
Song - Ekamath Eka Dawasaka
Artist - Thiwanka Dilshan & Shanika Madumali
Music & Melody - Thilina Ruhunage
Lyrics - Duminda Alahendra
Video - Hiru Tv

එකමත් එක දවසක

මතකේ අතුරාදී
ගමනේ ගිමන් යොවුන්
සරණා සිහිනේ වී
මෙතුවක් ඒ දා නැවුම්
ඒ දෑසේදී තිබූ කතා
ඈ මාගේ සිත වශී කළා
එකමත් එක දවසක සතුටින් උන්නා
පණමෙන් වටීවී අතීතේ කතා....

සඳ රැස් ගැලූ රෑ
සබඳතා පිනා දී
විලේ මල් නෙළුම් මා නෙලා
තරු ඇස් සිනාසී
නිහඬතා කියාවී
රැයේ ඇස් වළාවෙන් වසා
ඒ දෑසේදී තිබූ කතා
ඈ මාගේ සිත වශී කළා
එකමත් එක දවසක සතුටින් උන්නා
පණමෙන් වටීවී අතීතේ කතා....

තුරු වැල් ලැගුම් දී
නොදොඩා ගයයි ගී
හමනා පවන් වැල් ඔතා
කඳුළක් නොදුන් පෙම්
විසඳයි හැඟුම් දැන්
සියුම් තැන් සිතේ නෑ රිද්දා
ඒ දෑසේදී තිබූ කතා
ඈ මාගේ සිත වශී කළා
එකමත් එක දවසක සතුටින් උන්නා
පණමෙන් වටීවී අතීතේ කතා....

Download High Quality Video : bit.ly/2M6WxPJ

Hriu TV Music Video Downlods - www.hirutv.lk/music
Hriu TV Music Audio Downloads - www.hirufm.lk/music

#hirumusic #music #musicvideo #thiwankadilshan #shanikamadumali

All Comments (21)
  • මේ කතාව ආයි යනවනම් හොදයි කියලා හිතෙන අය මේ කොනට 😌🙏❤️
  • @_Meedum
    ඉස්සර හවස් වෙද්දි සේරම school home work ඉවර කරනවා කලින්ම මේක බලන්න 🥺❤️ ✨️
  • @retro_hits111
    2023 අහන අය මේ කොනට 👉 අනේ එ අතීතේ 😍😊😊
  • මෙක අයෙත් මුල සිට යන්වනම් කියලා හිතුන වාර අනන්තයි 😪😪
  • @Dulaji_udeepani
    2024 ත් අහනවා. ඇයි ආයෙ මේ කතාව පෙන්නන්න බැරි.. ඉන්දියන් කතා වලින් ආසාවෙන් බලපු පලවෙනි කතාව😢. Please hiru tv මේ කතාව ආයෙ පෙන්නන්නකො🙂❤.
  • ඇයි මෙච්චර ප්‍රෙක්ශක ඉල්ලීමක් තියෙද්දි මේ කතාව අයෙත් පෙන්නන්න බැරි.හිතට වදින සුපිරි කතාවක්....💯🥺♥️
  • @Dhee_27
    හින්දි කතාවලින් ආසාවෙන් බලපු ලස්සනම කතාවක්...❤ පණ මෙන් වටීවී අතීතේ කතා..💗
  • @tutu6764
    අනෙ ආයෙත් දෙන්නකෝ 🥺 2023 පිස්සුවෙන් බලන එකම කතාව 🥺❤️
  • @yonal_dasun
    දැනට බලපු කතා වලින් හොදම කවදාවත් අමතක වෙන්නැති ඒ තරම් හිතට වැදුණු කතාවක් 😘💙
  • @manuugirl8058
    කතාව ඉවර උන එකට දුකයි ගොඩක්😥😭😭
  • @user-hp6iv3xe2v
    ඉස්කෝලේ යාළුවුන එක අන්තිමට බදිනවා ආදරෙ ජයගත්තා ලස්සනයි
  • අනේ මේක අයෙත් මුල ඉදන් යනවනම්😢මගෙ ආසම කතාව
  • අනේ අයේ මේ කතාව ඔනි.. මං මේක බලනකොට O/L 🥺 බලන්න දුන් නැ ගෙදරින්.හොරෙන් බැලුවේ..... අනේ ආයේ පෙන්නනකෝ ...plzzzz 🥺 youtube eke hari kmk ne..🥺
  • මේක ඉන්දියන් එකක් උනාට කියා ගන්න බැරි තරම් ලස්සන කතාවක් ❤️ මේක බලපු දවස් ටිකට මාර ආසයි ආයිත් දෙන්නකෝ 😍❤️
  • @geniusbird4214
    Season Ticket - Yeh Un Dinon Ki Baat Hai ❤️ ආසාවෙන් බලපු එකම හින්දි කතාව . ලස්සන අවසානයක් , ඇත්ත ජීවිත කතාවක් එක්ක මුල ඉදන් ලස්සනට ගලාගෙන ගිය එකම හින්දි කතාව මේක වෙන්නැති . ආයෙමත් සීසන් ටිකට් යනවට කැමති අය ඉන්නවද?👇
  • ගොඩක් ඇබ්බැහි උන ලස්සන ලස්සන කතාවක් ආදරෙයි හැමදාම🥰 පණ මෙන් වටී වී අතීතේ කතා🌹
  • @findyoursong4787
    මේක අහද්දි හිතට මොකක්දෝ වෙන්නේ මට විතරද?..😟😟(පණ මෙන් වටීවි අතීතේ කථා...)😓♥️♥️♥️😍✨️✨️