Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) | Keshan Shashindra & Kalpana Kavindi | Deweni Inima Song

19,959,950
0
Published 2018-11-14
Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) - Deweni Inima Song

(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : etunes.lnk.to/HamadamaOyaDaasaDeweniInimaTeledrama

♪Spotify: spoti.fi/3HmIGhm
♪Apple Music: apple.co/3K4LTDQ
♪Deezer: bit.ly/3srOKks
♪Amazon Prime Music : amzn.to/3K38W2c

Artist - Keshan Shashindra / Kalpana Kavindi
Lyrics - Saman Edirimuni
Music - Nimesh Kulasinghe

___________________________________

LYRICS
හැමදාම ඔය දෑස හමුනොවන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට

තරු දෑස මගෙ නේද අතරමං වුන
හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද

අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී

මටත් නොකියා ඔහොම ඉතිං දඟකාර වී
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී

නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද

අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී
රැක ගත්තේ නුඹ තමයි පෙලා යන්නට නොදී

මලක් වී ගසක් යට සුවඳ දී වැටි වැටී
ඔයා හිනහී ඉන්න හඬා කදුළක් නොවී

නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද

නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට

මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද

℗ 2021 eTunes

#DeweniInima #HamadamaOyaDaasa #හැමදාමඔයදෑස #DeweniInimaSong #eTunes

All Comments (21)
  • @udfack1610
    2024 දිත් අහන සෙට් එක ❤️
  • අවුරුදු 3ක් පුරා එකදිගට අහන සින්දුවක්.ඒත් මේ සින්දුව අහන එක තාම නවත්තන්න බෑ.🤩🤩 කේශ් කල්පනා ඒ voice දෙක❤✌..ඒ වගේම කේශ්තාරා ඒ expression වලට ගහන්න කවුරුත් නෑ❤✌.. ආදරෙයි කේශ්,තාරා,කල්පනා 💝💝💝
  • @user-zw3oj6xb6x
    😍 අවාරේ හමා යන සැඩ සුලන් වැදී වැදී.....රැකගත්තේ නුඹම තමයි 😍
  • අවුරුදු තුනක් ගිහිල්ලත් තාමත් මේක අහනවා....😍 Happy 3rd Anniversary 💞💞
  • @YuVee-zr6sg
    දවසකට එක පාරක්හරි මේ සින්දුව අහන්නම ඕනෙ. කවදාවත් එපාවෙන්නෙ නැති සින්දුවක් තමා.. ❤️
  • @akeshi7384
    මොන වැඩේ තිබ්බත් දවසට සැරයක් නම් අහනවාමයි...🙈❤️
  • @user-jq2qk9ss1j
    කතා කෙසේ වෙතත් ඩ්‍රීම් ස්‍ටර්ලා දක්ශයි 😍❤️
  • @akeshi7384
    දෙවන්ත ඇබ්බැහියක්😍🔥❤️
  • @dewanmid8047
    ජීවිතේට මාව දාලා ගිහින් නෑනෙ ප්‍රශ්නෙකදී🥺❤ ♥අවන්ත♥..
  • ඔයල දෙන්නට හදවතින්ම සුබ පතනවා හමදාම අදරෙයි 😍😘❤️
  • @awi1656
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම සිංදුව ❤️ හැමදාම ඔය දෑස ❤️ ඔය දෙන්නගේ wedding එක ඉක්මනින් එනකන් බලාපොරොත්තු ගොඩාක් තියාගෙන බලාගෙන ඉන්නවා දෙවන්ත 😍😍❤️‍🔥🥺🥺
  • දෙවෙනි ඉනිමේ මොන සිංදු ආවත් අපේ දෙවන්ත සිංදුවට ගහන්න එකක් නෑ 😘😘😘
  • @TK-qm3ft
    කේශ්තාරා💜️ පුන්චි තිරයේ දැකපු ලස්සනම හොදම යුවල 💛 මෙවන් ගැලපීමක් තව කොහෙන් හොයන්නද ඉතින් ❤️ ආදරෙයි ආදරෙයි අපි 🙈💚
  • @user-po4iy8ry3n
    අපිට ඉතිං දැන් බලන්න තියෙන්නේ සිංදු ටිකයි පරන episode ටිකයි තමයි 🥺😍.
  • @ruzanasaman2968
    මේ සින්දුවනම් කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්. අන්ක එකේ සින්දුවක් කොච්චර සින්දු ආවත් මේකට මේ සින්දුවට සම නොකල හැක. දෙවන්තටම ගැලපෙන සින්දුව. කේෂ්තාරා ❤❤❤❤❤
  • @kawindi8125
    අදත් ආව..දෙව්මි අවන්ත බලන්න...❤❤❤❤